Life
දරුවා බිහිකිරීමේදී සොබාදහමට අවනත වෙමු
මවක විම කාන්තාවකගේ ජීවිතයේ නොමියන මතක සටහනකි. දරුවන් වැඩිහිටි වූ පසුත් මෙම අත්දැකීම මෙනෙහි කිරීමෙන් ඇය ලබන සතුට අපමණයි. මිනිස් දිවියේ වේදනාවක් මිහිරි අත්දැකීමක් බවට පත්වන දුලබ අවස්ථාවක් ලෙසද මෙය හඳුන් වන්න පුළුවන්. එහෙත් දරුවකු බිහි කිරීමේ කි‍්‍රයාදාමයේදී ප්‍රසූතිය දැරිය නොහැකි වේදනාවක් සේ දකින සමහර මවුවරු ස්වභාවිකව දරුවා ප්‍රසූත කිරීමට හැකියාව තිබියදී සීසර් සැත්කම තෝරා ගන්නේ දැඩි කැමැත්තකිනි. සීසර් සැත්කමකට මවක් ලක් කරන්නේ මවගේ ජීවිතයට ස්වභාවික ප්‍රසූතියෙන් හානි වන්නේ නම් පමණයි. මව මිටි නම් (මේ මවුවරුන්ගේ ශ්‍රෝණි මේඛලාව කුඩා වීමට තිබෙන ඉඩ කඩ වැඩියි), වැදෑමහ ගර්භාෂයේ පහළ කොටසේ නම්, දරුවාගේ හද ගැස්ම වැනි ජීව කි‍්‍රයා නිසි ලෙස සිදු නොවේ නම් වෛද්‍යවරයා මව සීසර් සැත්කමකට ලක් කිරීමට පියවර ගන්නවා. තමාට ස්වභාවිකව දරුවා ප්‍රසූත කිරීමේ හැකියාව තිබියදීත් මවක් සීසර් සැත්කම තෝරා ගන්නේ තමා මවක වන ඒ උදාර අවස්ථාවට මුහුණ දීමට ආත්ම ශක්තියක්, ආත්ම විශ්වාසයක් නැති නිසයි ප්‍රසූති වේදනාවට දක්වන බිය නිසයි. තවත් සමහරු මුල් දරුවා ස්වභාවිකව ප්‍රසූත කළත් එම ප්‍රසූතියේදී මුහුණ දුන් වේදනාවන්, තුවාල වීම් නිසා බිය වි සීසර් සැත්කම තෝරා ගනී. ප්‍රසූති වේදනාව පවතින්නේ දරුවා බිහිකරන මොහොත දක්වා පමණයි. එහෙත් සිසේරියන් සැත්කම බරපතල සංකීර්ණ සැත්කමකි. සැත්කමෙන් සුවය ලැබීමට කාලයක් ගතිවේ. වේදනා ද දරුවා ගැනීමෙන් පසු කෙළවර නොවෙයි. මෙනිසා ස්වභාවික ප්‍රසූතියකට මුහුණ දුන් මවකට වඩා, සිසේරියන් සැත්කමකට මුහුණ දුන් මවකට දරුවා සමග දැඩි සටනක යෙදීමට සිදුවෙයි.
සීසර් සැත්කමකින් මවට ලබා ගත හැක්කේ වාසි කිහිපයක් පමණි. මවට තම වැඩ පහසුවෙන් සැලසුම් කර ගත හැකියි. සාමාන්‍යයෙන් මවකට සැත්කමින් පසු දින තුනක් පමණ රෝහල් ගතවී සිටීමට සිදුවේ. සැත්කම නිසා ප්‍රසූත කි‍්‍රයාවලිය ඉක්මන් වෙයි. එනිසා දීර්ඝ ප්‍රසූත කාලයක් ගත කිරීමට සිදු නොවේ. සමහර අවස්ථාවල ස්වභාවික ප්‍රසූතියට සූදානම් කළ මවක් වුවත් හදිසියේම මවගේත්, දරුවාගේත් සෞඛ්‍යමය හේතූන් මත හදිසියේම සීසර් සැත්කමකට ලක් කරයි. එහෙත් කෙලින්ම සීසර් සැත්කමට ලක්වන විට එවැනි ගැටලුවක් මතු නොවේ. යෝනි මග ඉරීම්, කැපීම්, මැහුම් දැමීම් ආදියට ගොදුරු නොවෙයි.
සිසේරියන් සැත්කමේ අවාසි සිසේරියන් සැත්කමකට ලක්වන මවුවරුන් 10,000 කින් සිව් දෙනකු මරණයට පත්වීමට තිබෙන ඉඩ කඩ වැඩියි. එහෙත් ස්වභාවික ප්‍රසූතියේදී මරණයට පත් වීමට ඉඩ ඇත්තේ 10,000 කට එක් අයකු පමණයි. ස්වභාවික ප්‍රසූතියේදී සිදුවන රුධිර වහනය මෙන් දෙගුණයක රුධිර වහනයක් සිසේරියන් සැත් කමකදී සිදුවීමට ඉඩ තිබේ. ආසාදන සිදුවන්නට ඇති ඉඩකඩ, ස්වභාවික ප්රසූතියේදීට වඩා දස ගුණයකින් වැඩිවේ.සාමාන්‍ය ප්රසූතියේදීට වඩා සිසේරියන් සැත්කමේදී රුධිර නාල (ශිරා) ගැට ගැසීමට, රුධිර නාල අවහිර වීමට තුන් ගුණයක ඉඩක් පවතී. සැත්කමින් පසු මුත්‍රා ආසාදන ඇතිවීම සුලබ අත්දැකීමකි. සැත්කම් තුවාල වල වේදනාව සති කිහිපයක් විඳ ගැනීමට සිදුවෙයි. සිසේරියන් සැත්කමට ලක්වූ මවක සිහිය එ්මෙන් පසු සෑම ඉරියව්වකදීම තුවාලයට වේදනාවක් නොදැනෙන අයුරින් සිරුර තබා ගැනීම ගැන සැළකිලිමත් වීමට සිදුවේ. වේදනාව නිසා ඔබට, ඔබේත් දරුවාගේත් කටයුතු කිරීමේදී අසීරු තා මතුවෙයි. සති හයක් පමණ යනතුරු මෙබඳු මවකට දරුවාගේ බරට වැඩි බරක් එසවීම සුදුසු නැත. උස් තැන්වලට නැග බඩු ගැනීම, බොහෝ වේලා සිටගෙන සිටීම, දිගුවේලා හාන්සි වී සිටිම අහිතකරය. සති හයකට පමණ පසු වාහන එළවීමට පුළුවන්. එහෙත් තිරිංග දැමීම (බ්රේක් ඇල්ලීම) කළ යුත්තේ ප්‍රවේසමිනි. යුග දිවියේ සතුට සති හයකට පසු සුපුරුදු පරිදි බෙදාගත හැකිය. වෛද්‍ය උපදෙස් පරිදි මාසයකට හෝ මාස 1 ½ ට පසු ව්‍යායාම කිරීමට පුළුවන්. ඇතැම් කාන්තාවන්ට ස්වභාවික දරු උපතක් සිදු නොවීමේ අඩු පාඩුව කායිකව මෙන්ම මානසිකවද දැනෙයි. දරුවා සමග සබඳතා ගොඩනගා ගැනීමේදී ගැටලු මතුවෙයි. තුවාල කැළල සුවවීම සඳහා වසරක කාලයක් වත් ඉඩ දිය යුතු නිසා, වසරක කාලයක් වත් තවත් දරු උපතක් සඳහා බලා සිටීමට ඔබට සිදුවේ. සිසේරියන් සැත්කම කෙළේ වෛද්‍ය උපදෙස් පරිදි නම් නැවත දරුවකු පැතීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගන්න.